Friday, July 17, 2026
Homeදේශීයමුහුණට මිරිස්කුඩු ගසා හෙදියගේ රන් මාලය කොල්ලකයි..

මුහුණට මිරිස්කුඩු ගසා හෙදියගේ රන් මාලය කොල්ලකයි..

වැලිමඩ මූලික රෝහලට අනුයුක්තව සේවය කරන හෙද නිලධාරිනියකට කිසියම් පුද්ගලයෙකු විසින් මිරිස් කුඩු ගසා ඇගේ ගෙල බැදි රන් මාලය කඩාගෙන ගොස් තිබේ.

රෝහලේ සේවය සඳහා අද පෙරවරුවේ ඇය රෝහල් මාර්ගයේ පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු ඇගේ මුහුණට මිරිස්කුඩු ගසා සොරකම සිදු කර පළා ගොස් ඇත.

සොරාගත් රන් මාලයේ වටිනාකම රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට අධික වන බව සඳහන් වේ.

සිද්ධියට මුහුණ පෑ හෙද නිළධාරිනිය මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   අනුර - කංචන ගැටුම දුරදිග යන ලකුණු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්