Tuesday, April 21, 2026
Homeදේශීයමණ්ඩලය විකිණීමට විරෝධය පා විදුලි සේවකයින් අද කොළඹට

මණ්ඩලය විකිණීමට විරෝධය පා විදුලි සේවකයින් අද කොළඹට

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කරමින් සියලුම විදුලි සේවකයින් අද (21) කොළඹට කැඳවන බව විදුලි සේවක සංගමය පවසනවා.

ඒ අනුව වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුවක් අද කොළඹ දී පැවැත්වීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

අතවශ්‍ය බිඳවැටීම් හා බලාගාර සේවකයින් හැර අනෙක් සියලුම විදුලි සේවකයින් කොළඹට කැඳවන බවයි එම සංගමය පැවසුවේ.

අද දහවල් 1ට විහාරමහාදේවි රංගපීඨයේ දී වෘත්තීය සමිති ඒකාබද්ධව දැවැන්ත සමුළුවක් පවත්වන බව එම සංගමයේ සභාපති රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.

එහිදී ඉදිරි විරෝධතා ක්‍රියාමාර්ග ගැන එකඟතාවයකට පැමිණීමට නියමිතයි.

READ:   හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර තනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්