Wednesday, July 29, 2026
Homeදේශීයගොවීන්ට පතරොම් තුවක්කු

ගොවීන්ට පතරොම් තුවක්කු

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (15) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි ඉහළ යෑමෙන් වගා හානිය විශාල ලෙස ඉහළ යන බවත් වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙසත් ගොවීන් කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ගොවි ජනතාවගේ වගා ආරකෂා කර ගැනීමට අවශ්‍ය තුවක්කු නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

READ:   සොත්ති උපාලිගේ පුතා කුඩුත් සමග පොලිසියට කොටුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්