Monday, April 27, 2026
Homeදේශීයඅමතු දරු සෙනෙහසකින් හෙරොයින් ගෙනා මවක් කොටු වෙයි..

අමතු දරු සෙනෙහසකින් හෙරොයින් ගෙනා මවක් කොටු වෙයි..

කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියෙකුට හෙරොයින් රැගෙන ගිය කාන්තාවක් ඊයේ (14) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටින තම පුතාට මෙලෙස හෙරොයින් රැගෙන විත් ඇත්තේ ඔහුගේ මව බව පොලිසිය පවසනවා.

සිය පුත්‍රයාට කොට කලිසමක් රැගෙන පැමිණි බව සැකකාරිය විසින් පවසා ඇති අතර ඒ ගැන සැකසිතු නිලධාරීන් පරික්ෂා කිරීමේ දී එම කලිසමේ වාටීයේ කඩදාසියක බහා තිබියදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් හමුව තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 53ක් වූ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැකකාරිය කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   නියඟයෙන් හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්