Thursday, September 10, 2026
Homeදේශීයපුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට යොමුකර ඇති බව විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව පසුගිය දා වාර්තා වුණා.

මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටසක් නිදහස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඒ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි එහිදී වැඩිදුරටත් සඳහන්ව තිබුණේ.

READ:   යූරියා පොහොර මිල පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්