Friday, May 15, 2026
Homeදේශීයඅලුතෙන් Phone ගද්දි මේ ෆෝන් ගන්නෙපා - පොලිසිය

අලුතෙන් Phone ගද්දි මේ ෆෝන් ගන්නෙපා – පොලිසිය

ජංගම දුරකථන මිලදී ගැනීමේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් අපරාධ අංශය මේ බව පාර්ලිමේන්තු කාරක සභාවේ දී පැවසුවා.

එම නිවේදනය පහතින්,

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වේදී පැවසීය.

මෙහිදී එම නිලධාරීන් පෙන්වා දුන්නේ පසුගිය කාලසීමාව තුළ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රචලිත වීම හේතුවෙන් දරුවන් සඳහා ජංගම දුරකථන (Smart Phone active) ඇතුළු පරිගණක උපාංග භාවිත කිරීමට ලබාදීම සිදු වූ බවයි. නමුත් එසේ ස්මාර්ට් ජංගම දුරකථන  ලබාදීමේදී සහ විද්‍යුත් තැපෑල ආරම්භ කිරීමේදී දෙමවුපියන්ගේ දත්ත මේ සඳහා ලබාදීම නිසා දරුවන්ට ඹ්නෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබෙන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ. එසේ නොමැතිව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ලබාදීම සිදු කරන්නේ නම් අන්තර්ජාල පද්ධතිය විසින්ම දරුවන්ට නුසුදුසු දර්ශන සහ වෙබ් අඩවි සොයාබැලීමේ හැකියාව සහ ප්‍රවේශය පාලනය කිරීම සිදු කරන බව පැවසීය. 

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ  ජාතික සංහිඳියාව  හා ළමා හා කාන්තා කාර්යංශය සම්බන්ධව සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩිලාන් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එසේම දුරකථන භාවිතයේදී එම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමත දුරකථනයක්දැයි පරීක්ෂා කිරීම වැදගත් බවද මෙහිදී පැවසීය. එනම් යම් කිසි අපරාධමය ක්‍රියාවකට එම දුරකථන යොදා ගතහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමේ හැකියාව මෙම දුරකථන සතුව පවතින බවයි. එනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි කළ ජංගම දුරකතන තුළට සිම් පතක් ඇතුළත් කළ විට ඒ සම්බන්ධ තොරතුරු මෙම කොමිෂන් සභාවට ලැබෙන බවයි. ඒ නිසා ජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදීගන්නා ලෙස මෙහිදී පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමද සිදු කළේය.

READ:   "දේශීය ණය ප්‍රශස්තිකරණ යෝජනාව කිසිඳු අධිකරණයකින් අභියෝගයට ලක් කළ නොහැකියි" - කථානායක

තවද පොලීසිය විසින් ජාතික සංහිඳියාව  හා ළමා හා කාන්තා කාරයංශය සම්බන්ධව සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳවද  පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්