Tuesday, April 21, 2026
Homeදේශීයකුලියාපිටිය රෝහලේ රුධිර පීඩන පරික්ෂාව කරන්නේ රෝහලේ සිකියුරිටි

කුලියාපිටිය රෝහලේ රුධිර පීඩන පරික්ෂාව කරන්නේ රෝහලේ සිකියුරිටි

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන මගින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන භාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරික්ෂාව සිදුකිරීම සඳහා රෝහලේ ආරක්ෂක අංශයේ කාන්තාවක් යොදවා ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

එම රෝහලේ ආරක්ෂක සේවයේ යෙදී සිටින සේවකයින් ආරක්ෂක සේවයට අමතරව වෙද්‍ය සේවයට යොමුකරවා ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයා ගෙන් අවසර හිමි ව ඇත්දැයි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව මෙහිදී ප්‍රශ්න කර සිටි.

දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් විශාල වශයෙන් මෙම සායන සඳහා පැමිණේ.

රෝගියාගේ රුධිර පීඩනය මත වෛද්‍යවරයා විසින් රෝගය විනිශ්චය කර රෝගියාට ඖෂධ නිකුත් කරනු ලබයි.

එසේ හෙයින් යම් හෙයකින් රෝගියාගේ රැධිර පීඩනය නිවැරදි නොවුණහොත් රෝගියාට කාගේ පිහිටක් ද?

READ:   උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම කරුණු පිළිපදින්න - සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යංශය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්