Friday, September 11, 2026
Homeදේශීයහෙරොයින්, අයිස් ,ගංජා සහ මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින්, අයිස් ,ගංජා සහ මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින්, අයිස් , කේරළ ගංජා හා මත්පෙති සමග සැකකාරියක් ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත ඊයේ (28) උදෑසන මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 610 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 ක්, කේරළ ගංජා කිලෝ 03යි ග්‍රෑම් 240 ක් හා මත්පෙති 900 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 67 ක් වූ හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

ඇය අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

file
file
READ:   ආගමට මුල් තැන දෙමින් 157 වෙනි පොලිස් සැමරුම සැමරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්