Tuesday, July 28, 2026
Homeදේශීයමංගල උත්සවයේ මල් වෙඩිල්ලෙන් තරුණයෙකු මරුට..

මංගල උත්සවයේ මල් වෙඩිල්ලෙන් තරුණයෙකු මරුට..

තඹුත්තේගම,තේක්කවත්ත ප්‍රදේශයේදී මල් වෙඩිලක් පත්තුවීම හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වූ තේක්කවත්ත , තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.

ඔහු සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයේ මල්වෙඩි පත්තු කරමින් සිටියදී මල් වෙඩිල්ලක් පත්තු නොවීම හේතුවෙන් නැවත වරක් එය අසලට ගොස් නූලට ගිනි තැබීමට උත්සාහ කිරීමේදී එය පත්තු වී ඔහුගේ හිසේ වැදී ඇති බව පොලිසිය පවසනවා.

තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ඉදිරි සැලසුම් ගැන කියයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්