Tuesday, September 15, 2026
Homeදේශීයරත්‍රං ගෙනා අලි සබ්රි ඉවත් කිරීමට යෝජනාවක්

රත්‍රං ගෙනා අලි සබ්රි ඉවත් කිරීමට යෝජනාවක්

අලි සබ්රි රහීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් ගෙන ඒමට අද (26) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔහු සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් අද (26) පක්ෂ නායක රැස්වීමේදී ගෙන ඇති බව වාර්තා වෙනවා.

නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝ 3කට වැඩි ප්‍රමාණයක් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ඒමේදී පසුගිය දා ඔහු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

එම රත්‍රං තොගයෙහි වටිනාකම රුපියල් මිලියන 78.2 ක් වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.

පසුව රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන්, ඔහු මුදාහැරීමට කටයුතු කර තිබුණා.

READ:   රට ගොඩනැගීමට කොළඹ ව්‍යාපාරික සංගමය මහජන සහය පතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්