Thursday, July 23, 2026
Homeදේශීයඇමති ප්‍රසන්නගේ ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් අතර ගැටුමක්

ඇමති ප්‍රසන්නගේ ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් අතර ගැටුමක්

මිනුවන්ගොඩ,පන්සිල්ගොඩ ප්‍රදේශයේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසින් අතර ඊයේ (25) රාත්‍රියේ, ගැටුමක් ඇතිව තිබෙනවා.

දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදීග ගොස් අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතළු තිදෙනෙකුට ප්‍රදේශවාසින් පහර දී ඇති බව පොලිසිය පවසනවා.

පහරදීමෙන් තුවාල ලැබූ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරයෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයෙකු ගම්පහ රෝහලට ඇතළත් කර ඇත.

පන්සිල්ගොඩ ප්‍රදේශයේ ඉඩමක කිසියම් පිරිසක් පැමිණ වලවල් කැපීම නිසා මෙම ගැටුම ඇතිවූ බව ප්‍රදේශවාසින් පවසනවා.

අදාළ පහරදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

READ:   Airtel, Dialog සමග එක්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්