Tuesday, June 2, 2026
Homeදේශීයජනකගේ කට නිසා තමයි මම ඔහුට විරුද්ධ ඡන්දය දෙන්නේ - කුමාර වෙල්ගම

ජනකගේ කට නිසා තමයි මම ඔහුට විරුද්ධ ඡන්දය දෙන්නේ – කුමාර වෙල්ගම

ජනක රත්නායක මහතාගේ කට වැඩි බවත් ඔහු අනවශ්‍ය ලෙස කතා කිරීම නිසා තමන් ඔහුට විරුද්ධව ඡන්දය ලබා දීමට තීරණය කළ බවත් පා.ම. කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඔහුගේ කතා විලාසය දේශපාලඥයෙකුට ඔරොත්තු නොදෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඒ මහතා අද (24) පාර්ලිමේන්තුව විවාදයට එක්වෙමින් මේ බව පැවසුවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වරයා උසස් පෙළ විභාගය ලියන දරුවන්ට විදුලිය ලබා දීමට උත්සහ කිරීම ඉතාම නිවැරදි දෙයක් බව ඒ මහතා පවසනවා.

එහෙත් එහිදී රජය විභාගය නිමාවීමෙන් පසු විදුලිය ලබා දීමට කටයුතු කිරීම වැරදි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන කොමිසක් නොවන බවත් එහි සභාපතිවරයා යනු දේශපාලන පත්වීමක් බවත් ඔහු ප්‍රකාශ කළා.

ජනක රත්නායක පිළිබද යෝජනාවට තමන් විරුද්ධව ඡන්දය ලබා දීමට සිටියත් ඔහුගේ කතා විලාසය නිසා තමන් ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

එම විඩියෝව පහතින්,

READ:   දරුණු ආහාර හිඟයක් ගැන රජය අනතුරු අඟවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්