Friday, September 11, 2026
Homeදේශීයජනක රත්නායක ඉවත් කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය අද

ජනක රත්නායක ඉවත් කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය අද

අද (24 ) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වෙනවා.

ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද සවස පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳ අමාත්‍යවරයාගේ වාර්තාව, විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පසුගිය දා ඉදිරිපත් කර සිටියා.

READ:   මෙරට වයස්ගතම හස්ථීරාජයා දිවි ගමනට සමු දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්