Saturday, April 25, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි.

උතුරු පළාතෙත් අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ජූලි සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්