Friday, April 17, 2026
Homeදේශීය"ජෙරම් ප්‍රනාන්දු එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ" - මහින්ද රාජපක්ෂ

“ජෙරම් ප්‍රනාන්දු එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ” – මහින්ද රාජපක්ෂ

ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සමග තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ලැබුණු ඉල්ලීමක් මත අග්‍රාමාත්‍යධූරයේ සහ ආගමික කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කළ සමයේදී එක් අවස්ථාවක් පමණක් ඔවුන්ව හමුවූ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

එම නිල හමුවේදී ලබා ගත් ජායාරූප මාධ්‍යට නිකුත් කල බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ජෙරම් ප්‍රනාන්දු සමග හෝ සිම්බාබ්වේ ජාතික ඌබට් එන්ජල් දේවගැතිවරයා සමග කිසිදු සම්බන්ධයක් නැති බවයි ඒ මහතා පැවසුවේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අගම්වලට එරෙහිව සිදුකර ඇති අවමන් සහගත ප්‍රකශ තරයේ හෙළා දකින බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

ජෙරම් ප්‍රනාන්දු හා සිම්බාබ්වේ ජාතික ඌබට් එන්ජල් යන දේවගැතිවරුන් සමග හිටපු ජනාධිපතිවරයා පෙනී සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.

READ:   කටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්