Sunday, June 28, 2026
Homeක්‍රීඩාවිරාත් කෝලි ක්‍රිස් ගේල් සමකරයි..

විරාත් කෝලි ක්‍රිස් ගේල් සමකරයි..

අයි.පී.එල් තරඟාවලිය අතරතුර ඉන්දිය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි තවත් අයි.පී.එල්. තරග වාර්තාවක් පිහිටුවීමට ඊයේ (18) සමත් වුණා.

ඒ වැඩිම ශතක සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරු ලෙස කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ වාර්තාව සමකරමිනි.

බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේ දී විරාත් කෝලි එම වාර්තාවට හිමි ශතකය පන්දු 63 කදී රැස් කිරීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 186 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 187 ක් ලබා තරඟය ජය ගත්තා.

ඒ අනුව අර්ධ අවසන් වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට බැංගලෝර් කණ්ඩායමට අවස්ථාව ලැබුණා.

READ:   ශ්‍රී ලංකා ඉන්දියා දෙවන විස්සයි විස්ස සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්