Saturday, July 25, 2026
Homeදේශීයමව් සෙනෙහස කෲරත්වයට හැරවූ මවක් අත්අඩංගුවට..

මව් සෙනෙහස කෲරත්වයට හැරවූ මවක් අත්අඩංගුවට..

කැලණිය , තොරණ හන්දිය වනවාසල පාරෙහි නිවසක තාවකාලිකව පදිංචිව සිටි වයස අවුරුදු 09 ක ගැහැණු දරුවෙකු සහ අවුරුදු 13 ක මානසික ආබාධයකින් පෙලෙන පිරිමි දරුවෙකු කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකාරිය වසය අවුරුදු 26 ක් වූ වනවාසල, තොරණ හන්දිය, කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

සැකකාරිය රැකියාවට ගොස් නිවසට පැමිණෙන තෙක් දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යෑම , දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබැලීම හේතුවෙන් දරුවන්ගේ අනාරක්ෂිතභාවය මත දරුවන් කෲරත්වයට පත් කිරීමේ වරදට කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවන් දෙදෙනා ආරක්ෂාව හා රැකවරණය සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර කාන්තාව අද (18) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ගමේ ගියපු අයට කොළඹ එන්නත් බස්-කෝච්චි තියෙනවා..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්