Friday, August 14, 2026
Homeදේශීයනාඳුනන පිරිමි මළසිරුරක් ලංසියාවත්ත වෙරළට ගොඩ ගසයි

නාඳුනන පිරිමි මළසිරුරක් ලංසියාවත්ත වෙරළට ගොඩ ගසයි

වත්තල, පල්ලියවත්ත, ලංසියාවත්ත මෝයකට ආසන්නයේ වෙරළ තීරයට ගොඩ ගසන ලද පිරිමි මළසිරුරක් හමුව තිබෙනවා.

ඊයේ (04) සවස් කාලයේ මෙම මළ සිරුර හමුව ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව පොලිසිය පවසනවා.

මිය ගිය තැනැත්තා උස අඩි 05 අගල් 06 ක් වන පුද්ගලයෙකි.

කොණ්ඩය කළු පැහැතිය උඩු කයට සුදු ඉරි සහිත නිල් පැහැති ටී ෂර්ට් එකක් හා යටි කයට දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිට ඇති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   ෂැම්පු බෝතල් දෙකක දමා රැගෙන ආ මිලියන 60ක කොකේන් තොගයක් රේගුවේ අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්