Wednesday, April 22, 2026
Homeදේශීයඡන්දෙට නිවාඩු ගිය රජයේ සේවකයින්ට පඩිය ලැබුණේ නැත්නම් කියන්න - ජානක වක්කුඹුර

ඡන්දෙට නිවාඩු ගිය රජයේ සේවකයින්ට පඩිය ලැබුණේ නැත්නම් කියන්න – ජානක වක්කුඹුර

Tell me if you have not received the salary - Minister 

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම්, ඒ පිළිබඳව සිය අමාත්‍යංශය දැනුවත් කරන්නැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

කැබිනට් අනුමැතිය පරිදි මේ වනවිට මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

නමුත්, නිසි පරිදි වැටුප් නොලැබෙන බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, වැටුප් නොලැබීම සම්බන්ධ පැමිණිලි පිළිබඳව සොයා බැලීමට වහා කටයුතු කරන බවයි.

READ:   සුදත් චන්ද්‍රෙස්කර ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්