Thursday, May 14, 2026
Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන නීතිඥ සංගමයෙන් අනාවරණයක්..

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන නීතිඥ සංගමයෙන් අනාවරණයක්..

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නීතිඥ සංගමය පවසන්නේ, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවයි.

මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව නීතිඥ සංගමය පවසනවා.

අදාල පනත් කෙටුපම්තේ වගන්ති අපරාධ යුක්තිය පසදලීමේ ක්‍රමවේදයේ මූලධර්ම උල්ලංඝණය කරන බවත් එය මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවත් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි එම විධිවිධාන භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස හා ගමන් කිරීමේ නිදහස ඇතුළු අයිතීන් උල්ලංඝණය වන බව නිරීක්ෂණය වී ඇතැයි නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

READ:   මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්