Wednesday, September 9, 2026
Homeදේශීයයතුරුපැදිය ලොරි රථයක ගැටී 21 හැවිරිදි තරුණියක් මරුට

යතුරුපැදිය ලොරි රථයක ගැටී 21 හැවිරිදි තරුණියක් මරුට

අම්බලන්ගොඩ, ගාල්ල – කොළඹ මාර්ගයේ පොල්වත්ත ප්‍රද්ශයේ දී හික්කඩුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (25) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිය පැදවූ කාන්තාව සහ යතුරුපැදියේ ගමන් කල වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවෙක් තුවාල ලබා බලාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකාරිය මිය ගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක්වූ කැන්දවල , මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   අනුරාධපුරය රෝහලේ සිද්ධිය පිළිබදව GMOA එකෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්