අද (26) කොටුව, මරදාන අතර දී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
සවස 4.15 ට මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේ දී මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් මුහුදුබඩ, කැළණිවැලි සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.



