Tuesday, September 15, 2026
Homeක්‍රීඩාඅයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු ටෙස්ට් තරඟය ඉනිමක සහ ලකණු 280ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් වුණා.

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 06 ක් දැවී ලකුණු 591 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් , දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102 ක් වශයෙන් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය තරඟය පුරා ලකුණු 108 කට කඩුලු 10ක් දවාගත්තා.

ඉනිමක පරාජයෙන් බේරිම සඳහා නැවතත් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 168 ක් පමණයි.

READ:   ඉන්දු පාකිස්තාන සටනක් කන්ද උඩරට දී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්