Thursday, April 23, 2026
Homeදේශීයතවමත් රස්නේ වැඩියි: අවදානයෙන් ඉන්න..

තවමත් රස්නේ වැඩියි: අවදානයෙන් ඉන්න..

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මක වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අදාළ කාලසීමාව තුළ උෂ්ණත්වයට නිරාවරණය වී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එළිමහනේ සිටින විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් හැකි සෑම විටම සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

READ:   මෝටර් රථයකකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්