Saturday, April 25, 2026
Homeදේශීයගිය අවුරුද්දේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබ්බත් මේ අවුරුද්ද හොඳයි - ජනපති

ගිය අවුරුද්දේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබ්බත් මේ අවුරුද්ද හොඳයි – ජනපති

පක්ෂ පාට ජාති ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වන්නේ එසේ කළහොත් බවයි.

ජනාධිපතිවරයා පවසන්නේ,
අප වෙහෙසිය යුත්තේ සහ උත්සාහ කළ යුත්තේ, එළඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමට බවයි.

පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙද්දී අප මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට බැවින්, අවුරුදු සැමරීම පසෙකලා එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අරගලයකට මැදිව සිටි බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එහෙත්, මෙම අවුරුද්ද එළඹෙන්නේ අප සැමටම කිසියම් සහනදායී පරිසරයක් උදා කරමින් බව ද, ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

READ:   ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන T20 තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්