Wednesday, April 22, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණුමගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද (12) දහවල් 12.11ට මන්නාරම, පෙරියමඩු, පුලියන්කුලම සහ කෝකිලායි යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත.

READ:   ගොවියන්ට භූමිතෙල් නිකුත් කිරීම හෙට සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්