Saturday, September 12, 2026
Homeදේශීයඊෂි කෑෂ් ක්‍රමයට සිදුකළ හෙරොයින් ජාවරම

ඊෂි කෑෂ් ක්‍රමයට සිදුකළ හෙරොයින් ජාවරම

ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ඊයේ (10) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල – කොළඹ මාර්ගයේ,.පොල්ගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකටයුතු කාර් රථයක් නැවැත්වීමට යෑමේදී රථය නොනවත්වා පලායාමට උත්සහ කර ඇති අතර එහිදී පොලිසිය විසින් රථයේ ඉදිරිපසට වෙඩි තැබීමක් සිදු කර රථයේ සිටි සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අත්අඩංගුට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 27 ක් හා සැකකරුවන් අවුරුදු 37 හා 51 වයස් වල පසුවන, කෑගල්ල , පරගම්මන හා වත්තල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 ක ප්‍රමාණයක් හමුව තිබේ.

මොවුන් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හඳුනාගත් ස්ථාන වලදී කුඩා මත්ද්‍රව්‍ය පැකට් දමා ගොස් පසුව අදාල පුද්ගලයින් විසින් එම ස්ථාන වලින් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට හැකි වන පරිදි කලක සිට මෙම ජාවාරමට සිදුකර ගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවා.

READ:   වැලිකඩ සිරකරු ඝාතනය : හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ට මරණ දඬුවම -නියෝමාල් රංගජීව නිදහස් කරයි (SPECIAL NEWS)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්