Monday, April 27, 2026
Homeදේශීයහෙට පාස්පොට් හදාගන්න හිටපු අයට දැනුම්දීමක්..

හෙට පාස්පොට් හදාගන්න හිටපු අයට දැනුම්දීමක්..

හෙට (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කළින් දිනයක් හෝ වේලාවක් වෙන්කරගත් සියලු අයදුම්කරුවන් දහවල් 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් භාර දෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එ් අනුව, හෙට (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ කළින් වේලාවක් හෙට දිනට වෙන්කරගත් අයදුම්කරුවන් වෙත පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා හෙට දිනට වේලාවක් ලබා ගෙන නොමැති අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   දුෂණය වංචා කළ අයට දඩුවම් දෙන්න නීති සැකසිය යුතුයි! - රෝහිත අබේගුණවර්ධන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්