Sunday, April 19, 2026
Homeදේශීයවැරදි පුවතක් ප්‍රචාරය කරළා - මහ බැංකුව කියයි

වැරදි පුවතක් ප්‍රචාරය කරළා – මහ බැංකුව කියයි

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් වැරදි අර්ථකථනයක් ලබා දෙමින් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව ‘ඉදිරි කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය දැනට පවතින තත්ත්වයටත් වඩා දුෂ්කර වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරන බව’ සඳහන් කර තිබීම සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුවහොත් හෝ අරමුණුවලින් බැහැරව කටයුතු කළහොත් ඉදිරි කාලය තුළ ආර්ථිකයට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද අතර එම සමස්ත කරුණුවලින් බැහැරව අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් පිළිබඳ මෙලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කර ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

2022 වසරේදී ඇති වූ පෙර නොවූ අන්දමේ සමාජ-ආර්ථික අර්බුදවලට සාපේක්ෂව රජය සහ මහ බැංකුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දුෂ්කර හා අසීරු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආර්ථික තත්ත්වයන් ස්ථායී කිරීමට හේතු වූ බව අධිපතිවරයාගේ අදහස බව එම නිවේදනයේ සඳහන්.

ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස මෑත කාලීනව ජනතාව සහ ව්‍යාපාර දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවද, එම ප්‍රතිස‍ංස්කරණ ඉදිරි කාලපරිච්ඡේදය තුළ ජනතාව සහ ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ සැලසෙන පරිදි ආර්ථික ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය බව නිවේදනයේ සඳහන් වෙනවා.

ආර්ථික වර්ධනය ඉහළ නංවන ප්‍රතිසංස්කරණ ඇතුළත් වන අපේක්ෂිත ආර්ථික ගැලපුම් වැඩසටහනෙහි යම් ප්‍රමාදයක් හෝ වෙනස් වීමක් සිදු වුවහොත්, ඉදිරි ආර්ථික දැක්ම දුර්වල වන අතර එමගින් අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම කෙරෙහි සැලකිය යුතු අවදානමක් ඇතිවිය හැකි බව තමන් පැවසූ බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියා.

READ:   යාපනයේ මාළු ඇල්ලූ ඉන්දියාවේ ධීවරයෝ 9ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්