Wednesday, July 29, 2026
Homeදේශීයකරාපිටිය රෝහලේ සීටී ස්කෑන් දෙකම අක්‍රීයයි - රෝගීන්ගේ ජීවිත අනතුරේ

කරාපිටිය රෝහලේ සීටී ස්කෑන් දෙකම අක්‍රීයයි – රෝගීන්ගේ ජීවිත අනතුරේ

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් දෙකම මේ වන විට අක්‍රිය වී ඇති බව එම රෝහලේ ආරංචි මාර්ග පවසනවා.

රොහලේ එක සීටී ස්කෑන් යන්ත්‍රයක් පසුගිය වසරේ දී අක්‍රිය වී ඇති අතර අනෙක් ස්කෑන් යන්ත්‍රය ද පසුගිය මාසයේ දී අක්‍රීය වී ඇත.

වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා සීටී ස්කෑන් සිදුකර ගැනීමට නිර්දේශ කිරීම නිසා දිළිඳු රෝගින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

පසුගිය වසරේ අක්‍රියව ඇත්තේ ඉතා හොඳ තත්වයේ සීටී ස්කෑන් යන්ත්‍රය බවත් ඉන් පසුව භාවිතා කළ ස්කෑන් යන්ත්‍රය මගින් රෝගියාගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් ස්කෑන් කිරීමට හැකියාව පැවති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

:මව්බිම පුවත්පත ඇසුරෙන්

READ:   සද්ධර්මය අවබෝධ කරගැනීම අභියෝගාත්මක කාලයට පිටුබලයක්!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්