Sunday, April 19, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා - පාස්කු දිනයට සුබ පැතුම් නිකුත්...

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා – පාස්කු දිනයට සුබ පැතුම් නිකුත් කරමින් ජනපති කියයි

අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍ය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ, ජාති, ආගම්, පක්ෂ, පාට, භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂා සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවයි.

පටු දේශපාලන අරමුණුවලින් සහ පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළක් සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් ඉදිරියට ඇති නොවන බවත්, ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

READ:   වැල්ලවත්තේ වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්