Sunday, July 26, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද දින (06) දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව ගමන් කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   සී ඩී වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්