Thursday, May 14, 2026
Homeදේශීයඅත්‍යවශ්‍ය සේවයට බාධා කළොත් අනිවාර්ය නිවාඩු යවා රැකියාව අහිමි කරන විදිහ?

අත්‍යවශ්‍ය සේවයට බාධා කළොත් අනිවාර්ය නිවාඩු යවා රැකියාව අහිමි කරන විදිහ?

දැඩි පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රතිචාරය දන්නා නිසා රජය මහපරිමාණ දැවන්ත මර්දනයකට සුදානම් වන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය අඩිතාලම භයානක පනතක් වන ත්‍රස්ත විරෝධි පනත හරහා දැමීමට රජය කටයුතු කරමින් සිටින බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වඩා අතිශය භයානක පනතක් වන මෙම පනත හරහා යාර ගණන් දිග රජයේ අත්‍යවශ්‍ය සේවා උල්ලංඝනය කළහොත් අනිවාර්ය නිවාඩු යවා රැකියා අහිමිකිරීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත තරම් (ප්‍රතිත්‍රස්ත පනත) භයානක පනතක් පසු ගිය දශක දෙකක කාලය තුලදී හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බව ඒ මහතා පවසනවා.

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කරන පුද්ගලයන් ත්‍රස්තවාදින් ලෙස සලකා ඔවුන්ගේ දේපල සහ මුදල් රාජසන්තක කිරීමේ උත්සහයක් මෙම පනත තුළ දක්නට ලැබෙන බව ජ.එල්. පීරිස් මහතා මෙහිදී පැවසුවා.

මාධ්‍ය සහ සමාජමාධ්‍යවලට හිමිවෙන වාර්තා කිරීමේ නිදහස යෝජිත ප්‍රතිත්‍රස්ත පනත තුළින් අහිමිකර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත නුදුරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   අන්තර්ජාල ගැටලු ඇති දරුවන්ට ග්‍රාමීය සන්නිවේදන මධ්‍යස්ථාන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්