Saturday, October 24, 2026
Homeදේශීයදහම් පාසලේ පිහි ඇනුමක්, සිසුවියක් රෝහලේ

දහම් පාසලේ පිහි ඇනුමක්, සිසුවියක් රෝහලේ

ගල්ඹය ප්‍රද්ශයේ දහම් පාසලක පුද්ගලයෙකු විසින් ඊයේ (02) තියුණු ආයුධයකින් පහරදී සිසුවියකට තුවාල සිදුකර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ගල්ඹය දහම්පාසලේ 11 වසර ඉගෙනුම ලබන සිසුවියකි.

ඇය සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම සඳහා උත්සහ කළ පුද්ගලයෙකු දහම්පාසලට පැමිණ ඊයේ උදෑසන ඇයට මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ දහම්පාසැල් සිසුවිය මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ජංගම දුරකථනයක් රැගෙන විත් එම දුරකථනය ලබා ගැනීම සිසුවිය ප්‍රතික්ෂේප කිරීම නිසා කුපිත වූ අදාළ පුද්ගලයා තියණු අයුධයකින් ඇන සිසුවියගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදු කර තිබෙනවා.

පහරදීම සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිසුවියගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව කන්තලේ රෝහල් ආරංචි මාර්ග පවසනවා.

READ:   නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්