Wednesday, September 9, 2026
Homeදේශීයවෛද්‍යවරුන් රට හැර යෑම නිසා ප්‍රධාන රෝහලක ළමා වාට්ටුවක් වැසේ

වෛද්‍යවරුන් රට හැර යෑම නිසා ප්‍රධාන රෝහලක ළමා වාට්ටුවක් වැසේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

රෝහලේ සේවය කළ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම රට හැර විදෙස් රටවල පදිංචියට යෑම හේතුවෙන් රෝහලේ එක් ළමා වාට්ටුවක් වසා දැමීමට සිදුව ඇති බව ආරංචි මාර්ග පවසනවා.

එම රෝහලේ තවත් වෛද්‍යවරුන් පිරිසක් මේ වන විට රට හැර යෑමේ සූදානමක් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව, වසා දැමීම නිසා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.

READ:   බංකොළොත් භාවයට හේතු සෙවීමට පත් කළ සාභාවෙන් සජබය ඉවත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්