Thursday, May 14, 2026
Homeදේශීයඉන්ධන හිඟය ගැන ඇමතිගෙන් නිවේදනයක්

ඉන්ධන හිඟය ගැන ඇමතිගෙන් නිවේදනයක්

ඉන්ධන මිල පහළ යෑම නිසා ඉන්ධන ඇනවුම් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුවද වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඉන්ධන පෝලිම් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙනවා.

ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කරන බවත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිතයන් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට අද (29) තිරණය කර තිබුණා. එම මිල ගණන් වලට අනුව ලංකා IOC සමාඟමද ඉන්ධන මිල පහත දමනු ලැබුවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් (ලීටරයක නව මිල රු. 340 ක්.)

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් (ලීටරයක නව මිල රු. 325ක් )

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 135කින් (ලීටරයක නව මිල රු.465ක්.)

වශයෙන් ඉන්ධන මිල පහළ ගියා.

මීට අමතරව භූමිතෙල් ලීටරයක් රු.10කින් අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණා.

සංශෝධිත නව ඉන්ධන මිල ගණන් අද (29) රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.

READ:   "මම හොඳ සිංහල පොරක් " - දේවගැති ජෙරම් ප්‍රනාන්දු (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්