Tuesday, February 3, 2026
Homeදේශීයසංගීත් විජේසූරිය රෝහල් ගත කරයි (VIDEO)

සංගීත් විජේසූරිය රෝහල් ගත කරයි (VIDEO)

ජනප්‍රිය ගායක ශිල්පී වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය මහතා ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙනවා.

ඇසක ඇති වූ ආබාධ තත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යෑමේදී ඔහුගේ හිසෙහි ඇතිවූ තරමක බරපතළ අසනීප තත්වයක් ඊට හේතුවී ඇති බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

ඒ හේතුවෙන් සංගීත් විජේසූරිය මහතා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සමාජ මාධ්‍ය පවසනවා.

තවත් මාස තුනක කලයක් සංගීත් විජේසූරිය මහතා විවේක ගත යුතු බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

කාගෙත් ආදරය දිනා ගත් සංගීත් විජේසූරිය මහතා බ්ලූ සැඩොස්, සනිධප වැනි සංගීත කණ්ඩායම්වල නිත්‍ය ගායක ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර වඩාත් ජනප්‍රිය වායෝ සංගීත කණ්ඩායමේ නායකයා ද වෙනවා.

:තොරතුරු සමාජ මාධ්‍යයෙන්

පුවත සහිත එම විඩියෝව පහතින් දැක්වේ.

READ:   සමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්