Thursday, October 1, 2026
Homeදේශීයකොළඹට ජල කප්පාදුවක්

කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිපයකට අද (25) පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කඩුවෙල, කෝට්ටේ යන මහ නගර සභා බල ප්‍රදේශවලට සහ කොළොන්නාව, බොරලැස්ගමුව, මහරගම යන නගර සභා බල ප්‍රදේශ සඳහාත් කොටිකාවත්ත , මුල්ලේරියාව, රත්මලාන , කටුබැද්ද යන ප්‍රදේශ සඳහාත් මෙම ජල අත්හිටුවීම ක්‍රියාත්මකයි.

අද පෙරවරු 11.00 සිට අද රාත්‍රී 9.00 දක්වා මෙම ජල අත්හිටුවීම සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

READ:   ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඈන් කුමරිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්