Wednesday, April 22, 2026
Homeදේශීයනායයෑමේ අවදානමක් නිසා ප්‍රධාන මාර්ගයක් වසා දැමේ

නායයෑමේ අවදානමක් නිසා ප්‍රධාන මාර්ගයක් වසා දැමේ

නායයෑමේ අවධානම තත්වයන් හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය වසා දමා දැමීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (19) සවස් කාලයේ ඇති වූ දැඩි වර්ෂාපතනයත් සමඟ 18 වංගුවේ දෙවනි වංගුව ආසන්නයේ ගල් සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වෙනවා.

18 වංගුව මාර්ගය ආශ්‍රිතව තවත් ස්ථානයක විශාල ගලක් සහිත කොටසක් නාය යෑමේ අවදානමක් පවතින නිසා පොලිසිය විසින් එම මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මහනුවර – මහියංගනය මාර්ගය වෙනුවට තැන්නේකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙනිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරි මහියංගනය දෙසට ගමන් කල හැකි බව පොලීසිය දැනුම් දෙනවා.

READ:   කතරගම පාසල් තුනක් වැසේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්