Tuesday, April 28, 2026
Homeදේශීයදුම්රියේ දමා ගිය දරුවා වෙනුවෙන් අධිකරණය තීරණ රැසක් ගනී

දුම්රියේ දමා ගිය දරුවා වෙනුවෙන් අධිකරණය තීරණ රැසක් ගනී

පසුගියදා කොටුව දුම්රියපොළෙහි මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ බිළිඳකු දමා යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නඩුව අද විභාගයට ගැනීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී ඇත.

බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් කළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා දරුවා නැවත දෙමාපියන් වෙත ලබා දීමට අධිකරණය මෙහිදි තීරණය කර තිබෙනවා.

ඇප ලැබීමෙන් පසු අද (17) දිනය තුළ සැකකාර මව්පියන් දෙදෙනා විවාහ කිරීමට නියමිත බව දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා තිබුණා.

අධිකරණය නියෝග කළ පරිදි සැකකාර මව්පිය යුවළගේ මව්පියන්ගේ අවධානය යටතේ සහ බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව සහ ආරක්ෂාව පිළිබඳ වගකීම සැකකාර මව්පියන් දෙදෙනාට පවරා තිබෙනවා.

READ:   අද සිට සතියේ දින පහම පාසැල් පැවැත්වේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්