අන් සියලු දෙනාගේ මානව හිමිකම් ගැන කතා කරන කිසිවෙකු ලක්ෂ 41 ක් වන පාසැල් දරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කිරීමට අද නොමැතිවීම ඛේදනීය තත්වයක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පාසැල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් හෝ නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනඟන දරුවන් වෙනුවෙන් කතාකිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.
රටේ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාටම පොදු බවත් ඒ සියලු ආර්ථීක දුශ්කරතා මැද දරුවන් කුසගින්නේ නොතබා, උපකාරක පන්ති යවා වසර 13 ක් අධ්‍යාපනය ලබා දුන් දෙමාපියන්ට සිය දරුවන් උසස් පෙළ විභාගය ලියා ජීව්තයේ හැරවුම් ලක්ෂයකට පිවිස සිටින අවස්ථාවේ ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා නොකරීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
ගෝලීය වසංගත තත්වය හමුවේ ශිෂ්‍ය ප්‍රජවගේ නිපුණතා මට්ටම අධ්‍යනය කරන සමීක්ෂණයට අනුව තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ සාක්ෂරතා හැකියාව පිළිබඳ අධ්‍යන වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
විදුලි එලිය කෑම බීම පවා නොමැතිව පාඩම් කරමින් ඉතා අපහසුවෙන් විභාගයට සූදානම් වීමට සිදූ වූ කාලයක සමාජයේ අන් අයට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන්නට ඇති බව වටහාගෙන මේ අවස්ථාවේ වෘත්තීය වගකීමට වඩා සමාජ වගකීම ගැන මනුෂීයව සිතා බලා ගුරුවරුන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.


