Tuesday, June 9, 2026
Homeදේශීයවිදුලි සේවකයින් හෙට ලෙඩ නිවාඩු (VIDEO)

විදුලි සේවකයින් හෙට ලෙඩ නිවාඩු (VIDEO)

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණාවන්ට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් හෙට (15) ලෙඩ නිවාඩු වාර්තා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පවසනවා.

විසඳුම් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරදි කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනස් කළ නොහැකි බව ඔහු අද (14) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා හෙට සෘජුව විදුලිය බිඳවැටීමක් සිදු නොවුනද සමාන්‍ය විදුලි බිඳවැටීම් යථාතත්වයට පත්කිරීම සඳහා කාලයක් ගත විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්