Friday, April 24, 2026
Homeදේශීයවෛද්‍යවරු අදත් වැඩවර්ජනයක

වෛද්‍යවරු අදත් වැඩවර්ජනයක

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණාවන් කිහිපයකට විරෝධය දක්වමින් වෛද්‍යවරුන් අද (14) තවත් පළාත් 5 ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වයඹ , ඌව, සබරගමුව, උතුරු මැද සහ උතුර යන පළාත්වල අද උදෑසන 8.00 සිට හෙට (15) උදෑසන 8.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයේ පළමු අධියර ලෙස ඊයේ (13) බස්නාහිර , දකුණ ,මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අතර එම පළාත්වලට අයත් රෝහල්වල කටයුතු අද සමාන්‍ය පරිදි සිදුවෙනවා.

තම ඉල්ලීම් වලට විසඳුමක් නොලැබුනොත් හෙට (15) දීපව්‍යාප්තව සියලු රෝහල්වල එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

READ:   BREAKING NEWS: කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්