Tuesday, July 28, 2026
Homeදේශීයදුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය මවගෙන් ප්‍රකාශයක්

දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය මවගෙන් ප්‍රකාශයක්

කොටුව දුම්රියපොළ දුම්රියක වැසිකිළියක් තුළ බිළිඳකු දමා ගොස් තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මව බිළිඳා දුම්රිය තුළ දමා යෑම පිළිබඳව පොලීසියට පාපොච්ඡාරණයක් කර තිබෙනවා.

කව්රැන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂකාරීව හදාගනී යන චේතනාවෙන් අලුත උපන් බිළිඳා එලෙස දුම්රිය තුළ දමා ගිය බව ඇය පොලිසියට පවසා ඇති බව සඳහන්.

පොලිස් පරීක්ෂණ අතරතුර බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බිළිඳාගේ දෙමව්පියන් 26 හැවරිදි අවිවාහක යුවළක් වෙනවා.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත පුද්ගලයෙකු වන අතර තරුණයා විසින් කොළඹට ගෙන්වා ගත් සැකකාර තරුණිය පසුගිය 25 වනදා බිළිඳා බිහිකර ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මීනගයා මඟි දුම්රියක වැසිකිළියක් තුළ දමා ගොස් තිබියදී ඊයේ(10) රාත්‍රියේදී බිළිඳකු දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

READ:   මෝටර් රථයකකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්