Tuesday, July 28, 2026
Homeදේශීයමැදින් පුර පසළොස්වක පෝහොය අදයි

මැදින් පුර පසළොස්වක පෝහොය අදයි

මැදින් පුර පසළොස්වක පෝහොය දිනය අදට (06) යෙදී තිබෙනවා.

සම්බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිය ඥාතින් සිටින කිඹුල්වත්පුරයට වැඩම කරවීම සිදුවූයේ අද වැනි මැදින් පුර පසළොස්වක පෝහොය දිනකයි.

බුදු රජාණන් වහන්සේ සිය පියරජු වන සුද්ධෝදන රජුගේ ආරාධනයෙන් කිඹුල්වත්පුරට වැඩම කරවීමෙන් පසු යමහා මහ පෙළහැර පෑම, පියරජු( සුද්ධෝදන රජතුමා) ට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරුන් පැවදි කිරීම, ප්‍රජාපති ගෝතමිය සෝවාන් ථලයට පත්වීම වැනි ශාසනික වශයෙන් වැදගත් කාරණා රාශියක් සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.

මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ලොව පුරා සිටින බෞද්ධ ජනතාව තෙරුවන් කෙරෙහි වූ අපමණ ශ්‍රද්ධාවෙන් යුතුව මහත් හරසරින් සමරණු ලබනවා.

READ:   වසර 14ක් හිරේ යන ආවදානමත් අරන් ආන්දෝලනාත්මක පාස්කු වාර්තා දෙක අද රටට හෙළිකරන්න සූදානම් - ගම්මන්පිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්