Thursday, May 14, 2026
Homeදේශීයරුපියල ශක්තිමත්වීම හා ඩොලරයට ඇති ඉල්ලුම පහත වැටීම

රුපියල ශක්තිමත්වීම හා ඩොලරයට ඇති ඉල්ලුම පහත වැටීම

රුපියලට සාපෙක්ෂව ඩොලරයේ මිල රු. 7 – 8 කින් පහත වැටීමක් මේ සතිය පුරා අඛණ්ඩව වාර්තා වෙමින් ඇත. 2022 මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපෙක්ෂව රුපියල වඩාත්ම ශක්තිමත් අවස්ථාව මේ සතියේ වාර්තා විය. අද (3/3) කොළඹ වානිජ්‍ය බැංකු ඩොලරය මිලදී ගන්නේ රු. 334.50 ට ත් අඩුවෙනි.

මේක වුනේ කොහොමද?

පසුගිය කාලයේ දී මහ බැංකුව ඩොලරය පහත වට්ටන්නට රුපියල් අච්චු ගැසීම (actual money printing) අවම කිරීම හා ඩොලරය ශක්තිමත් කිරීමට අවශ්‍ය පදනම ගොඩ නැගීමය. ඒ යාන්ත්‍රණය තේරෙන සිංහලෙන් මෙහෙම කියන්න පුළුවන්.

මහ බැංකුව පළමුව (අන්තර් බැංකු ඩොලර් හුවමාරුව) ඩොලරයට විචලනය විය හැකි සීමාව 1% කට (රු. 3.60 සීමාවක) රදවනු ලැබීය. ඉන් පසුව, කෙටි කාලයකින් එය රු. 2.60 සීමාව දක්වා තවත් සීමා කරනු ලැබූවා. එය රුපියල රැක ගැනීම (එනම් රුපියල කිසිම වටිනාකමක් නැති කඩදාසියක්වීම) වලක්වා ගැනීමටයි. මේ උපක්‍රමය සාර්ථක වී රුපියල කඩා වැටීම නැවතී තිබේ.

  1. වානිජ්‍ය බැංකු වෙත ලැබෙන සෑම ඩොලර් 100 කින් 25% ක් අනිවාර්යෙන්ම මහ බැංකුවට ලබා ගැනීම අනිවාර්ය කර තිබුණි. (Surrender Requirement 25%) එය 15% දක්වා පහත දැම්මා.
  2. රජය සහ මහ බැංකුව නීති විරෝධී විදේශ මුදල් හුවමාරුව (උණ්ඩියල්, ඕපන් එකවුන්ට් වැනි) අධෛර්යට පත් කර විදේශ මුදල් බැංකු හරහා ගෙන්වා ගැනීමට මේ වන විට සමත්වී තිබේ. (ජනවාරි මාසයේ 68% ක වැඩිවීමකි)
  3. කොමෂල්, සම්පත්, නේෂන් ට්‍රස්ට් බැංකු තුනට ඩොලර් මි. 400 ක ණය පහසුකමක් අනුමත වි තිබේ. තවමත් එම ඩොලර් ලැබී නැතත්, ඩොලර් සැපයීම ඉහළ දැමීමට එය හේතුවක් වී ඇත.

මාස 6 කට වැඩි ආයසකර මැදිහත්වීමක ප්‍රතිඑලය ලෙස මෙරට වානිජ්‍ය බැංකු පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි වී ඇත. අක්‍රීයව තිබූ විදේශ විනිමය වෙළෙඳ පොල (ස්පොට් මාර්කට්) සක්‍රීය වී ඇත.

අන්තර් බැංකු අතර දිනක් තුල ඩොලරයට විචලනය විය හැකි සීමාව රු.5 දක්වා වැඩි කළා. මාර්තු 2 දිනට එය රු. 7.50 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. අද දිනයේ රු. 8 දක්වා ඩොලරය රුපියල් වටිනාකම පහත වැටීමට හේතු වූයේ රජය හා මහ බැංකුව ගත් ක්‍රියාමාර්ගය නිසාය.

READ:   වරාය කොටස් විකිණීමට එරෙහිව කොළඹ තැන් හතක උද්ඝෝෂණ

දැන්, මාර්තු 3 දහවල් 12 වන විට වානිජ්‍ය බැංකු ඩොලර් මිල දී ගන්නේ රු. 334.50 බැගිනි. දැන් ඩොලරයේ මිල තවදුරටත් පහත වැටීමට මිස ඉහළ යාමට ඉඩක් නොමැති තැනකට පත්වී ඇති බව තහවුරුය.

මිල පහත වැටෙන ඩොලර් පසුගිය සඳුදා සිට මහ බැංකුව විසින් මිලදී ගැනීම ඇරඹී ඇත. මහ බැංකුව විසින් තම රුපියල් බැංකු පද්ධතියට එක් කරමින් සිටී. එහි අනිවාර්ය තාර්කික ප්‍රතිඑලය වන්නේ පොලී අනුපාතික පහත වැටීම ඇරඹීම ය.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම ආර්ථිකය ප්‍රකෘත්තිමත්වීම (Economic Recovery) වැදගත් සන්ධිස්ථානයකි. සංචාරයකින් ගේ පැමිණීම, විදේශ ප්‍රේෂණ ඉහළයාම තුලින් ලැබී ඇති බලාපොරොත්තුවේ කූට ප්‍රාප්තිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනට ගිවිසුම් අත්සන් කිරීම වන්නේය.

රජිත් කීර්ති තෙන්නකෝන්

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්