Sunday, April 26, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂට ප්‍රතිඵල එන්නත් කලින් අරලියගහ මන්දිරයෙන් යන්න කියුවේ මමයි - දෙරණ...

මහින්ද රාජපක්ෂට ප්‍රතිඵල එන්නත් කලින් අරලියගහ මන්දිරයෙන් යන්න කියුවේ මමයි – දෙරණ සභාපති දිලිත් ජයවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වු අවස්ථාවේ ඔහු අරලියගහ මන්දිරයෙන් පිටව ගියේ තමන් ලබා දුන් අදහසට අනුව බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසනවා.

මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ මැතිවරණ ප්‍රතිඵල බලමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට අනුව තමන් එතනට පැමිණ මහින්ද රාජපක්ෂ සමඟ කතා කළ බවත් එහිදි මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරයෙන් පිටව යන ලෙස තමන් ප්‍රකාශ කළ බවත් දිලිත් ජයවීර මහතා පැවසුවා.

සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ලැබීමටත් ප්‍රථම හිටපු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයෙන් පිටව යෑම එදා මෙරට ජනතාව ඇතුළු සමස්ත ලෝකයේ ඇගයීමට ලක් වූ බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් අත වනමින් පිටව යන විට එය විඩියෝ කිරිමට පුද්ගලයෙකු හෝ නොසිටි නිසා තමන්ගේ පෞද්ගලික දුරකථනයෙන් එම අවස්ථාව විඩියෝ කළ බව ඔහු ප්‍රකාශ කළා.

ඊයේ (28) ස්වාධීන රූපවාහිනියේ කැඩපත වැඩසටහනට එක් වෙමින් දිලිත් ජයවීර මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියා.

https://fb.watch/i_MlebgVQN/

READ:   බිස්කට් මිල පහළට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්