Wednesday, July 29, 2026
Homeදේශීයතෘණකොළ කෘෂිකර්ම බෝගයක් ලෙස නම් කරයි

තෘණකොළ කෘෂිකර්ම බෝගයක් ලෙස නම් කරයි

ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත් උසස් තෘණ විශේෂ, වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ශ්‍රීලංකාවේ තණකොළ වගාව කෘෂිකාර්මික බෝගයක් ලෙස වගා කිරීම සඳහා එය කෘෂි බෝගයක් ලෙස නම් කරන ලෙස සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවෝ ඉල්ලීමක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවෝ පවසා තිබේ.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් රටේ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ අනුව තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

READ:   අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට භාරවෙයි, ඉන්පසු සිදු වූ දේ ( VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්