Thursday, June 11, 2026
Homeදේශීයතුර්කි භූ කම්පනයේ මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයේ මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව නවතම විදෙස් වාර්තා පවසනවා.

ගොඩනැගිලි සුන්බුන් අතර තවදුරටත් පුද්ගලයින් සිරවී සිටින බවත් අධික සීතල කාලගුණය නිසා මුදා ගැනීමේ කටයුතු වලට බාධා පැමිණ ඇති බවත් මාධ්‍ය වාර්තා කරනවා.

මුදාගත් පිරිසිට ආහාර ,ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව හිමි නොවීම තවත් ව්‍යවසනයකට හේතුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ගෙවුණු 06 වනදා අලුයම 4.00 ට පමණ රික්ටර් මාපක 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් දකුණු තුර්කිය සහ සිරියානු දේශසීමා ප්‍රදේශය තුළ හටගත්තා.

READ:   BREAKING NEWS-අකුරණ නගරයේ ආරක්ෂාව තර කරයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්