Saturday, September 12, 2026
Homeදේශීයපාසලට දාන්න ලක්ෂ තුනක් අල්ලස් ගත් ගුරුවරයා මාට්ටු

පාසලට දාන්න ලක්ෂ තුනක් අල්ලස් ගත් ගුරුවරයා මාට්ටු

කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසැලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීම වෙනුවෙන් සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් කුරුණෑගල නගරයේ දී ලබා ගැනීමට ගිය පාසැල් ගුරුවරයා ඊයේ (08) සවස අත්අඩංගුවට පත්ව ඇතිබව වාර්තා වෙනවා.

ශිෂ්‍යයාගේ පියා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ ගුරුවරයා අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

READ:   ශ්‍රී ලංකාවේ තියෙන එකම අන්තඃපුරය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්